Friday, March 14, 2014

105.E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!




ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන  කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ  විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින්  බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්.  හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි!  එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක්  ඉවසීමෙන් බලා හිටියා.  ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.


 "ඔන්න එහෙනම් එන්ජින් එක නවත්තනවා." මම හඬ නගා නිවේදනය කලා.

"ඔව්, දෙයියනේ කියලා අපිව ගෙදෙට්ට ගෙනාවනේ පරිස්සමෙන්," කී දීපා සැනසුම් සුසුමක් හෙලුවා.
"අද නම් මාරකයක් පැන්නා," මට කියවුනේ ඉබේටම.

අපි තුන් දෙනා ඇල්කෙමියාගේ මවගේ අවමඟුලට යන්න අපි හිතාගෙන හිටියේ උදේම. නමුත් වෙනීත් අපි එක්ක යන්න කැමති වුනාම ඒ සැලසුම වෙනස් වුනා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවසන් කරගෙන සිටි වෙනීට වැඩ ඇරිලා එන්න ලැබෙන්නෙ රෑ බෝ වුනාම. ඒ අතරේ වෙනී විසින්ම බ්ලොග් ලියන රණාත්, ඕනයා සහ පවුලත් ගමනට එක් කරගැනීමට සැලසුම් සකස් කර තිබ්බ නිසා හංවැල්ල, පහත්ගම හරහා හයිලෙවල් පාර දිගේ කොට්ටාවට යාමට අදහස් කරගෙන සිටි මාර්ග සැලැස්මත් වෙනස් කරන්න සිද්ද වුනා.

මුලින්ම ඕනයා  සහ  පවුල පටවා ගැනීමට කඩුවෙල හරහා මුල්ලේරියාව පැත්තට ගිය අපි ඉන් පසුව පැළවත්ත හරහා ගමන් කර හයිලෙවල් පාරට ඇතුල් වීමට පෙරම වැස්ස පටන් අරන් තිබුනා. වෙනීත්, රණාට කොට්ටාවෙන් වෑන් එකට නැග්ගේ මහා වැස්සේ.

කොට්ටාවෙන් E01 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේ ටෝල් බූත් එකට වාර්තාකරන විට වෙලාව හවස 7.49 යි. ඇද හැලෙන මහ වර්ෂාව නිසාත්, රාත්‍රිය නිසාත්, වාහනයේ අමුත්තන් සිටි නිසා වූ අමතර වගකීම නිසාත් මා රියැ පැදවූවේ වේග සීමාවට අඩුවෙන්. වැස්සත්, රාත්‍රියත්, වේගවත් රියධාවනයත් නරක සංයෝගයක්. ඒ වගේම අපි කෙතරම් ප්‍රවේශම් වුනත් අනිත් රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය ගැන කලහැකි දෙයක් නැති තරම්.

 දීපාත් මමත් ඉදිරියේත්, පුතා සහ අනිකුත් අය වාහනයේ පසුපසත් අසුන් ගෙන සිටියා. මාර්ගයට සම්පූර්ණ අවධානය යොමාගෙන හිටි මම පසුපසින් නොනවත්වා ඇසුන ,  උස් හඬින් කෙරුණු උසුළු විසුළුවලට අවධානය යොමු කලේ අතරින් පතර. මුළු ගමනේම සියළුම විහිළු තහළුවල ගොදුර නොහොත් බයිට් එක වුනේ අසරණ වෙනියා බව මට පුතාත් පසුව කීවා.

අප කුරුඳුගහහැතැප්ම පිටවුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවනවිට කි. මී. 67.6 පසු කිරීමට හරියටම විනාඩි පනස් හතක් ගතවී තිබුනා.

ඇල්කෙමියාගේ බ්ලොග් අඩවියෙන් බලාගෙන කඩිමුඩියේම කොල කෑල්ලක ලියාගත්  ඇල්කෙමියාගේ ගෙදරට යන මාර්ග විස්තරය රියැදුරු අසුන අසල කොන්සෝලයේ රඳවා තිබුනත්, වෙනියාත් එම අඩවියෙන්ම බලාගෙන A4 කොලයක සටහන් කරගෙන සිටි විස්තරයට එය සැසඳුන නිසා අපි ඒ කෙරෙහිත්, වෙනියාගේ දුරකථනයේ තිබූ SatNav වැඩසටහනත් පමණක් පාවිච්චි කලා.
E01 මාර්ගයෙන් පිටවූ වහාම, වමට තිබූ විශාල මාර්ගය නිවැරදි එක වුවත්, එහි විශාලත්වය නිසා එය නැවත අධිවේගී මාර්ගයටම යන පිවිසුමක් විය හැකියයි වරදවා තේරුම් ගත් අපි, මුල්ම වරද කරගෙන තිබුනා. කෙසේ හෝ නොනවත්වා වෙනියාටත් navigation වැඩ සටහනටත්,  පසුව  වෙනියාගේ A4 Navigation නමින්  Facebook හරහා චණ්ඩ මාරුතයක් සේ හමා ගිය වැඩසටහනටත් කෙරුනු විහිළු-තහලු, අපහාස මැද්දෙන් අපි විකල්ප මාවතක් ඔස්සේ ගමනාන්තය කරා ලඟාවෙමින් තිබුනා.

මුත්‍රාශ හිස් කරගෙන යාමට සුදුසු තැනක් සොයමින් සිටි අපට පසු කරමින් අඳුරු රබර් වත්ත කෙම් බිමක් වුනා. මාර්ගය අයිනේ පේලියට සිටගෙන කාර්යය නිමාකල අප ආපසු වාහනයට නැඟුනා.

එන්ජිම පණගැන්වීමට යතුර කරකැව්වත්, ස්ටාටර් මෝටරය කෙඳිරිළි හඬක් නගමින් නිහඬවුනේ මා පුදුමයට පත් කරමින්. අලුත්ම එකක්වූ මේ බැටරිය, අධිවේගී මාර්ගයේ කල ධාවනය නිසා හොඳින්ම ආරෝපණය වී තිබිය යුතුයි.  මේ වාහනය කිසිම දිනෙක, (මීයෙක් ඩීසල් පොම්පයට යන වයරය කා දමා තිබූ දිනයේ ඇර) එන්ජිම පණ නොගැන්වී සිටීමේ රෝගයයට ගොදුරු වී නැහැ.  මම හෙඩ් ලයිට් දල්වා බැලුවා. දුබල ආලෝකයක් නිකුත් කල ඒවා සැනෙකින් අඳුරු වී ගියා.

වාහනය තල්ලු කර පණගන්වා ගැනීම සභා සම්මත වීමත් සමගම, පිරිමි වාහනයෙන් බැස තල්ලු කරන්න පටන් ගත්තා. නමුත් එයත් හිතූ තරම් පහසු නොවුනේ තල්ලු කිරීමට සිදුව තිබුනේ මඳ බෑවුමක ඉහලට නිසයි. ඒ වගේම පාර පෙනෙන්නට තිබුණෙත් තරු එලිය පමණයි. දෙවන හෝ තුන්වන උත්සාහයේදී අවශ්‍ය වේගය ලැබූ එන්ජිම පණ ගැන්වුනා. වහාම වාහනයට නැග ගත් අප ගමන පිටත් වුනා. මා සන්ත්‍රාසයට පත් කරමින් වාහනය ධාවනය කරද්දීත් සාමාන්‍යයෙන් එන්ජිම පණගැන්වුනු වහාම නිවී යායුතු රතු බැටරි ලාංඡනය දැල්වී තිබුනා. ඒ කියන්නේ බැටරිය ආරෝපණය වෙන්නේ නෑ.

"මේ වාහනය මාස දහයහමාරක් නිකම්ම තිබිලත්, බැටරිය හයි කරලා යතුර කරකවපු ගමන්ම ස්ටාට් වෙන වාහනේ, මේක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි." මම කිව්වේ හිතේ අමාරුවෙන්.

ඇත්තෙන්ම ටික වෙලාවකින් ඩෑෂ්බෝඩ් චාජිං ලෑම්ප් එක නිවී ගියත් ය වරින් වර ධාවනය කරද්දී දැල්වෙන බව දු‍ටු මගේ හිත තවත් බර වුනා. එක්වතාවක් පාර නැවත වැරදී එක් අයෙක් පාර අසාගෙන ඒමට ගිය අතරේ මම එන්ජිම නැවැත්වුනේ පුරුද්දට. අධික බෑවුමක නවතා තිබූ වාහනය,  එවර මට පණගන්වන්නට සිදුවුනේ පසුපසට නිදහසේ යන්නට ඉඩහැර  රිවර්ස් ගියරය යෙදීමෙන්. මේ නම්, අඳුරු ‍රැයක,  නොදන්නා පාරක,  රිය පිරෙන්නට මඟීන් පටවාගෙන ඇති විටෙක, අධික බෑවුමක කිසිසේත් නොකලයුතු දෙයක් වුවත් මට වෙනත් විකල්පයක් තිබුනේ නෑ.

මළ ගෙදරට ලඟාවුන පසු තල්ලු කරන්නට ඉඩකඩ ඇති තැනක වාහනය නැවැත්වූ මම, අනික් අය වාහනයෙන් බහින අතරේ, බැටරි කවරය ඇ,ර පසුපස සබ්වූෆරයට බැටරියෙන් දී තිබූ සම්බන්ධය විසන්ධි කලේ, බැටරියට ඇති බර අඩු කරන්නට හිතාගෙන.

මුල් වතාවට ඇල් මුණ ගැසී කතාබහ කලත්, කට්ටියම වටවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියත් මගේ හිතේ  තිබුනේ වාහනයේ රෝගය ගැනයි. දවල් කාලයකදී නම් එතරම්ම ගැටළුවක් නොවුනත් මේ වාහනයෙන් එකක් පිරිස පටවාගෙන ආපසු කිලෝමීටර් සියයක්ට වැඩිය මහ ‍රැයක වැස්සේ  බැටරිය බසිමින් පවතින වාහනයක් ධාවනය කරන අවදානම මගේ හිත බර කලා. අනිත් වුන් කියන දේට මම නිසි පිළිතුරු දුන්නත්, මම අහන් හිටියේ ඇත්තෙන්ම බාගෙට.

"අපි මොකද කරන්නේ දැන්?"

"මාත් මේ කල්පනා කරන්නේ  ඒකම තමයි.අපි එක්ස්ප්‍රස්වේ එකේ යන එක අවදානම්. මොකද මගදි නවත්තන්න බෑ. අනික නැවැත්තුවත්  වැස්සෙ කළුවරේ අනිත් ඩ්‍රයිවර්ස්ලට අපිව නොපෙනෙන්නෙ ඉඩ තියෙනවා හැපෙනකල්ම. හැසඩ් ලයිට්, සිග්නල් මොකුත් නෑ බැටරිය චාජ් නොවෙන කේස් එක නිසා"

"ඔයා හොඳ දෙයක් කරන්න."

"ඒ එක්කම, ගාලු පාරේ ගියොත් සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න. අනික මේ කට්ටිය ගෙනිහින් දාන්න තවත් ඈත යන්න වෙනවා. වෙලාව ගතවෙන්න වෙන්න, වැඩේ තවත් උග්‍ර වෙනවා."

"ඒකට මොකද කරන්නේ?"

"කරන්න ඕනේ හරිම දේ නම් එලිවෙනකල් ඉඳලා උදේම යන එක. නමුත් ඒක අපිට කරන්න බැරි වෙනීට වැඩට යන්න තියෙන නිසා. අනික අර ඕනයගේ පොඩි එකී. ඒ වැඩේ කරන්න බෑ. හරි නෑනේ."

"ඉතින්?"

"ඉතින් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ප්ලෑන් බී තමයි.  කරන්න ඕනේ නම් හැකි ඉක්මනින් ගෙදරට යන එක. ඒ කියන්නේ මොකුත් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරලා එක්ස්ප්‍රස්වේ එකේ යන එක. එක පොයින්ට් එකක් එනවා ලයිට් නැතුවම යන්න පුලුවන්. ඒ නිසා හොඳම ඔප්ෂන් එක ඕක තමයි.  මොකද ගතවෙන කාලය අඩු නිසා."

"රිස්ක් එක අඩු දෙයක් කරන්න."

රෑ කෑමත් කාලා, ඇල්කෙමියාගේ ගහෙන් ඒප්‍රිකොට් ගෙඩිත් කඩාගෙන අපි එළියට බැස්සා. මම හිතුවා වගේම බින්දුවටම බැස තිබූ බැටරියේ ස්ටාර්ටර් මෝටරය කරකවන්නට ජවයක් ඉතිරිවී තිබුණේ නෑ. තල්ලුකර එන්ජිම පණගන්වාගෙන, කට්ටිය පටවාගත් වහාම අපි පිටත් වුනා, මෙවර නියමිත මාර්ගයේ. 

අධිවේගී මාර්ගයේම ආපසු යාමට හිත හදාගෙන සිටි නිසා මම කුරුඳුගහහැතැප්ම පිවිසුම දෙසට රිය ධාවනය කලා. නමුත් මම ගත් තීරණය හරිදැයි සිතේ දෙගිඩියාවක් මතුකරමින් මෙවර බැටරිය බහින බව හඟවන රතු එළිය දිගටම දැල්වී තිබුනා.

කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් ටිකට් පත ලබාගන්නා විට වේලාව හරියටම රාත්‍රී 12.07යි. 'මේකෙ නම් ලයිට් නැතුව හරි  යන්න පුලුවන්,' විදුලි පහන් එලියෙන් ඒකාලෝක වූ අධිවේගී මාර්ගය දැක මම මටම කියාගත්තා . නමුත් ඒ සතුට තිබුනේ විනාඩි කීපයයි. අධිවේගී මාර්ගය ආලෝකවත් කර තියෙන්නේ පිවිසුම්, පිටවීම්, සේවා ප්‍රදේශ සහ පාලම් උඩ විතරක් බව තේරුම් ගන්න මට ගියේ ටික වෙලාවයි. 

 
දැන් මොකද කරන්නේ. හරියටම එකපාරටම බිම්ගේකට ඇතුල් වුනා වගේ  හැමදේම කලුවර වෙනවත් එක්කම මම ඇක්සලරේටරයෙක් කකුල ගත්තෙ නිකම්ම.

ටිකකින් ඇස් අඳුරට හුරුවෙද්දී අපේ දියාරු, කණාමැදිරි එළිය ද්විත්වමාර්ගය බෙදන යකඩ වැටේත්, මංතීරු දෙක බෙදන කඩ ඉරෙත්, පාරේ සීමාව පෙන්නන ෆොග්ලයින් නම් රේඛාවේත් ලුමිනස් තීන්ත වලින් ඉතාම දුර්වලව පරාවර්තනය වෙන හැටි දැක ගන්න හැකිවුනා. අනිත් හැම දෙයක්ම ඝනඳුරේ ගිලී තිබුනා.

පාර මැද්දේ අලියෙක් හිටියත් හැපෙනකල් නොපෙනෙන බව අපි දෙන්නම දැනගත්තා. ඒ වගේම අපි වගේම ලයිට් නැති කවුරුහරි පාර මැද්දේ නැවතිලා හිටියොත්, නැතිනම් හෙමින් ගමක් කරමින් හිටියොත් හැපෙනකල්ම නොපෙනෙන බවත් සිහිවෙද්දි මගේ ඇඟ හිටිවැටිලා ගියා. 

මට කල හැකි එකම දෙය වුනේ, වාහනය මලානිකව යන්තමින් පෙනෙන ලුමිනස් "ෆොග්ලයින්" රේඛාවත්, ද්විත්ව මාර්ගය දෙකට බෙදන යකඩ වැටේ ලුමිනස් පරාවර්තක පෙලත් අතරින් රඳවාගෙන ධාවනය කිරීම පමණයි. ඇත්තෙන්ම එක මහා මාර්ගයක මෝටර් රථයක් ධාවනය කරනවාට වඩා, අහසේ පියාසර කිරීමක් ලෙසයි දැනුනේ. හරියටම කිව්වොත්, ඉතා අයහපත් කාළගුණ තත්වයක් යටතේ, කැලෑබද පෙදෙසක කුඩා ගුවන්තො‍ටුපොලක නිසිලෙස ආලෝකමත් නොකල  ධාවන තීරුවක්  එල්ලකරගෙන ගුවන්යානයක් ගොඩබෑමට තැත් කරන්නාක් වැනි අත්දැකීමක්.

අනතුර අවබෝධකරගත්ත දීපා ආසන පටිය ගලවා වීදුරුවට මුහුණ ඔබාගෙන යාන්තමින් පෙනෙන සුදු ඉරි දෙක අතරේ වාහනය රඳවාගන්න උදව් කලා.

"පොඩ්ඩක් වමට වැඩි වගේ. වැට පැත්තට වැඩි නැද්ද?"

අතරින් පතර අලුත් වන වර්ෂාව වින්ඩ්ස්ක්‍රීනය මත ඇදහැලෙද්දී වයිපරය ක්‍රියාත්මක කලත් එකම එක වතාවක් වීදුරුව හරහා අමාරුවෙන් ඇදීගිහින් නතර වුනා. වීදුරුව පැහැදිලි වූඋ වහාම මම වයිපර් ස්විචය ක්‍රියා විරහිත කලේ ලයිට් එලියත්, ඒ සමගම ඝනදුර අතරින් මග පෙන්වූ ලුමිනස් පරාවර්තනයත් නැත්තටම නැතිව යනබව දු‍ටු විටයි.  බොහෝ විට මම වයිපර වරක් ක්‍රියා කිරීමේදී වේගය තවත් අඩු කිරීමට වග බලාගත්තා.

සාමාන්‍යයෙන් එන්ජිම වේගයෙන් දුවද්දී දුර්වල බැටරියක වුවත් එළිය මඳක් වැඩිවියයුතු වුවත් දැන් සිදුවෙන්නේ එහි අනිත් පැත්ත බව  මට වැටහුනා. ඉදිරියෙන්  වැටේ අනිත් පැත්තෙන් පැමිණින වාහනවල එළිය නිසා යන්තමින් පෙනෙන ලුමිනස් ඉරි අතර ධාවනය කිරීමට හුරුවී සිටි ඇස් වල පෙනීමට භාදා වුනා. උදව්වකට වඩා භාදාවක් වූ, ඉඳහිට අප පි‍ටුපසින් පැමිණ අප පසුකර දිවයන වාහන පසුපස එම වේගයෙන් හඹා යාමට ඇතිවූ පෙළඹවීම මම අමාරුවෙන් යටපත් කරගත්තේ එහි භයානක කම නිසා.

පාලමක් මතදී, පිවිසුම් සහ සේවා ප්‍රදේශවල  ඒකාලෝකවී තිබුණු මාර්ග කොටස්වලට ලඟාවෙද්දී වේගය වැඩි කිරීමටත්, අවසන් පහන් කණු කීපයට පෙර වේගය අඩු කිරීමට මම මඳ වෙලාවකින් හුරුවුනා. නැතිනම් එක්වරම අඳුරු ප්‍රදේශයට ඇස හුරුවන්නට යන කාලය තුලදී වාහනය වැටේ හැපීමට  පුළුවන්. 

හෙඩ්ලයිට් , ටේල් ලයිට්, බ්‍රේක් ලයිට්, වයිපර් , සිග්නල් නැතිව  අධිවේගී මාර්ගයක වැස්සේ, රාත්‍රියේ යන මේ ගමන කෙතරම් මාරාන්තිකද යන බව පසුපස සිටි මඟීන්ට අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුනේ නෑ.  ඕනයාත් පවුලත් පසුපසම ආසනවල හොඳටම නිදාගෙන සිටි අතර, වෙනියාත් අපේ පුතාත් ස්මාට්ෆෝන් සසඳමින් ලොකු කතාවක යෙදී සිටියා. අඩ නින්දේ සිටි රනා ඉඳ හිට ස්මාට්ෆෝන් කතාවට සහභාගී වෙනවා ඇහුණා. දීපා ඉදිරියට එබී වාහනය සුදු ඉරි දෙක අතර රඳවාගෙන ධාවනය කෙරෙනවාදැයි බලමින් විටින් විට මට අනතුරු හඟවමින් ගියා. මම උකුසු ඇස් දල්වාගෙන යන්තමින් අඳුර අතරින් පෙනෙන ලුමිනස් රේඛා අතර රිය ධාවනය කිරීමේ අරගලයේ යෙදුනා

පසුවෙන හැම කිලෝමීටරයක්ම වෙන වෙනම ලැබූ සුවිශේෂී  ජයග්‍රහණයක් ලෙස මට දැණුනා. තව කිලෝමීටර් පනහයි...    තිහයි...    විස්සයි...

අන්තිමේදී කොට්ටාව ට තව කිලෝමීටර් එකක් බව දකිද්දී  මට දැණුනේ දිණුම් කණුව පසුකරන්න යන ඔලිම්පික් ධාවකයෙකුට දැනෙන සතුටට වඩා වැඩි සතුටක්.  කොට්ටාවේදී ටිකට්පත දී රුපියල් තුන්සීය ගෙවද්දී මේ කිලෝමීටර් 67.6 පසුකිරීමට පැයකුත් විනාඩි 13 ගතවී ඇතිබව ටිකට් පතෙන් මා දු‍ටුවා. අනතුරක් නොවී ඒකෙන් එලියට ආපු එක ඇති නේ දීපා කිව්වා. වෙලාව පාන්දර 01.20 නිසාදෝ එහි සිටි කිසිවෙක් කණාමැදිරි ලයිට් එළියගැන කිසිවක් කීවේ නෑ.

කෙසේ හෝ, බියකරු සිහිනයේ නරකම කොටස අප පසුකොට අවසන් කර තිබුනා.

දැක් කලයුතු හොඳම දේ කෙටිම මාර්ගයවන හයිලෙවල් පාරේ දකුණට හරවා හංවැල්ල පැත්තට ධාවනය කර ගෙදර යාම වුනත්, මේ කට්ටිය මගින් බස්සා ත්‍රීවීල් වල යන්නට කියන්න හිතහදාගන්න බැරිවුන නිසා මම නැවතත්  කොළඹ පැත්තට හැරෙව්වා.

මුලින්ම බැස ගියේ වෙනී.

උඹලෑ පාරේ ලයිට් තියෙනවද ඕනේ? මම ඇහුවා. ඔව් ඔව් ඕනයා කිව්වා. ඕනයාගේ ගෙදරට හැරෙන පාර පෙන්නන්න ඕනයා මොහොතක් පමාවූ නිසා හන්දිය පසු වුනා. ආපසු හැරවීමට හෝ පසුපසට ධාවනය කිරීමටනොහැකිවුනේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා නිසා. ඔවුන් ලයිට් ගැන විමසුවොත්, ඒ වගේම සිග්නල් පාවිච්ච්චි නොකලේ මන්දැයි ප්‍රශ්ණ කලහොත්, දීමට පිළිතුරක් නැති නිසා, මම ඉදිරියටම ධාවනය කර ඕනයාම පෙන්නූ වෙනත් මාර්ගයකින් හැරුනා. පසුව ඕනයා සමගම රණාත් වාහනෙන් බැස්සා.  දැන් වාහනයේ එන්ජිම මොනම හේතුවකටවත් නතරවෙන්න නොදී ගෙදරටම යන්න වෙනවා. ඇයි තල්ලු කරන්නත් කෙනෙක් නෑනේ.

හරි. ඒ වගකීම ඉවරනේ දැන් අපි දෙයියනේ කියලා ගෙදරට යාගන්න බලමු.

අඳුරු තැන්වල ඉතා සෙමින් ධාවනය කරමින් අපි කඩුවෙල හරහා ගෙදරට ලඟා වුනා. ඒ වනවිට වැස්ස නැවතී තිබීමත් ලොකු පහසුවක් වුනා. පොලිසිය ඉදිරිපිටත් කිසිව්ක් නොහිටි බව දු‍ටු මට අවසන් කඩුල්ලත් පැන්න බව දැනුනා.

වාහනය පාරෙන් ගෙදරට හරවනකොටම මට මතක් වුනේ පාරේ වාහන නතර කරන අසල්වැසියෝ.

"අදනම් මුන් පාරේ පාක් කරලා තිබ්බොත් හැපෙනකල් පේන්නේ නෑ" මම කිව්වා.

හොඳ වෙලාවට පාර නිදහස්ව තිබුනා.

වාහනයේ එන්ජිම නවතා පු‍ටුවක් මතට ඇද වැ‍ටුණු මම පුදුමාකාර සැහැල්ලුවක් අත් වින්දා.

"කෝ දීපා මුන් එකෙක්වත් නිකමටවත් කතාකරලා ඇහුවේවත් නෑනේ උඹලා කරදරයක් නැතුව ගෙදර ගියාද කියලා."

"ඇත්තෙන්ම ඒ කාටවත් මේ  වැඩේ බරපතලකම තේරුනේ නෑ මම හිතන්නේ. ඇත්තෙන්ම මාරාන්තික ගමනක්නේ ආවේ."

"ඔව්, මම ඒකට ප්‍රොපගැන්ඩා එකක් දුන්නෙත් නැත්තේ උන් කළබල කරන්නේ මොකටද කියලා."



මතු සම්බන්ධයි.

මීලඟ කොටසින්: මෙහෙම වුනේ ඇයි?


 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 
 Originally published @ HeyDude in English Language.



76 comments:

  1. ඔබතුමාව අර බීලා සිහිය නැතුව ඉන්නකොට ගුරු නිවාසෙ කාමරේ දාලා ගිය අයයි... මේ අයයි අතරෙ ලොකු වෙනසක්.. මේ කථාව බලපු මට නම් පේන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනුමත කරමි.

      මටත් ඔහොම වැඩක් වෙලා තියෙනවා, ලඟ ගෙදරක ගෑනු කෙනෙකුට ලමයෙක් හම්බවෙන්න ඉස්පිරිතාලෙට එක්ක ගිහින්. ගෑනුකෙනා ඇඩ්මිට් කරලා උන්දැගෙ මනුස්සයයි අනිත් උදව්වට ගිය ගෑනු කෙනයි එනකම් මම එන්ජින් එක ඕෆ් නොකර තියාන හිටියෙ පණ බයේ පාන්දර 1.30ට විතර. උන් දෙන්නා ආවට පස්සෙ මම කිව්වා බැටරිය බැහැලා, චාජ් වෙන්නෙ නෑ කියලා. ආ ඇත්තද කියලා හිනා උනා. ගහලා මරන්නයැ..හොඳ වෙලාවට වැස්සෙ නම් නෑ.

      පිරිමි සෙට් එකක්ම ඉඳලත්, වැඩිහිටි පිරිමි වෙලත්, හැසිරීම නම් අනුමත කරන්න බෑ. විශේශයෙන්ම වෙන කෙනෙක්ගෙ අනුග්‍රහයෙන් ගමනක් යනකොට ඒ කෙනා එලවද්දි වාහනේ ඇතුලෙ නිදාගන්න එකත් මම නම් හිතන්නෙ නුසුදුසුයි.අනික ඇබැද්දියක් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි නෑනෙ කිලොමිටර් සීයක් තිස්සෙ පාරහොයාගන්න දඟලනකොට.

      මමනම් කරන්නෙ කට්ටිය එක්ක මලගෙදර අවටින් බාසෙක් හොයාගන්න ට්‍රයි කරන එක. බැරිඋනානම් මලගෙදරම නයිට ගහනව, නැත්නම් ලඟපාතින් පොඩි හෝටලයක් බලල කාමරයක් අරන් ගෑනුයි ළමයිනුයි ඒකට යවනවා.

      උඹ පිස්සු යකෙක්නෙ, අච්චර අවදානමක් අරගෙන මුන් ටික කොලඹටත් ගෙනත් තව උන්ව දාන්න ගෙවල්වලටත් ගිහින් :D

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Sorry Ano, I had to remove your comment. It's not because you criticised me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  2. I read it with shocking memories. Its like an advernture. Yep You are correct. Ppl can understand such a situation until they sink on to a driving seat.

    ReplyDelete
    Replies
    1. උඹත් සුද්ද නොවී හිංගලෙන් කොටහන් බොක්කා....
      සැට් එකම විසේසෙන් පොඩි කෙලි පැන්චියෝ දන්නව බොලා එඩියුකෙටඩ් පොරක් බව ...

      Delete
    2. අඩේ හැන්රි මේ පෝස්ට්කටුව සිංහලෙන් කොටපු එකක්ද???

      Delete
    3. උඹ මේක කියෙවුවෙ දෙමළෙන් ද?

      Delete
  3. මේක ත්‍රාසජනක චිත්‍රපටියක් බැලුවා වගෙ නෙ.. ආයෙ ලියන්න ගත්ත එකට නම් මං තනියෙන් දානව පාටියක් y-)

    ReplyDelete
    Replies
    1. බලාගෙන, වැඩිඋනොත් දෙහි ගාන්නවත් කෙනෙක් නැතිවෙයි. :D

      Delete
    2. හ්ම්ම් දැනුයි මේ මං ආවෙ. ආ... මක් කිව්වා.. වැඩි වුනා ප්‍රසන්නට ? h-(

      Delete
  4. හප්පා සෑහෙන කාලෙකින් මේ පෝස්ටුවක් දාල තියෙන්නෙ...
    ත්‍රාසජනක සීන් එකක් හැබෑටම... ඇත්තටම හතර කොණ ගැහි ගැහි මට නං කවදාවත් ඕ වගේ එන්න හිත හදාගන්න බෑ... අතුරු ආන්තරාවක් නැතිව ආව එකම මදෑ... දෙය්යනේ කියල...

    ReplyDelete
  5. ඔයින් ගියා මැදෑ ..හ්ම්ම් ඇත්තටම ඔක වාහනයක ගිය ගමනක් වගේ ඈ අතුරෙ ගියා වගේ නේ ,දැන දැන ඔහොම ගියා කියන එක හැක්

    ReplyDelete
  6. මීට පස්සෙවත් පාඩමක් ඉගෙන ගෙන, ඔය වගේ උන්, ගත්ත තැනින්ම හලලා පලයන්.. එතකොට හිතේ දුකක් නැතිව, නිදා ගන්නවත් පුළුවන්.. දැන් ඕන තැනක ඕන වෙලාවක ටැක්සි තියෙනවානේ,,

    ReplyDelete
  7. හෙහ් තව ටිකෙන් බ්ලොගර්ස්ලාම කීයක්ද ...මදැයි ඔයින් ගියා ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  8. හෙන්රි,

    මචං තරහ ගන්ට එපා මෙහෙම කිව්වට. බ්ලොග් පෝස්ට් එකක් වගෙ දෙයක් වෙනුවෙන් ඔය වගෙ රිස්ක් එකක් ගන්න එපා. ඇත්ත උඹ කරපු ඒ වැඩේ නිසා බොහොම අපූරුවට ලියවුණු සටහනක් අපිට කියවන්ට ලැබුණු එක ඇත්ත. ඒත් මචං උඹ ගත්ත අවදානම එක්ක බලනකොට දැට්ස් ඩෙෆිනීට්ලි ටූ මච්.මම දන්නෙ නෑ උඹ කොහොම ඔය වැඩේ කලාද කියල But I am Sure for a genius like you with vehicles, it would have been child's play. May be just tinkering with the alternator would do the job nicely.

    Well as one of your ardent fans shall I suggest an alternative? As they say having both the beard and pourri simultaneously ..eh?...What about going into a virtual reality situation ? You can pretend your battery is dead. Only Deepa knows. You can make this adventure more interesting by various sub plots too.

    මෙහෙම කොහොමද? එක පාරට ඔන්න උඹ වාහනේ අර පාර මැද වැට දිහාට අල්ලල ආපහු පාරට කපල දඩාස් යන අනුකරණයෙන් බ්‍රේක් ගහනව පාර මැදම...ඇතුලෙ නිදාගෙන ඉන්න එවුං උඩ ගිහිල්ල ඇහැරෙනව. ස්ටියරිං එක උඩ අත් දෙක තියාගෙන උඹ හයියෙං හුස්ම ගන්නව. දීපා ලේන්සුව අරගෙන උඹෙ නළලෙ දාඩිය පිහිනව.

    දිග හුස්මක් පිටකරල තොල් දිවෙන් තෙත් කරල උඹ පස්ස හැරිල බිරාන්ත වෙලා ඉන්න මඟියො අමතනව.

    " ලයිට් බින්දුවක්වත් නෑනෙ. එක පාරට මට අර වැට පේන්නෙ නැතුව ගියා.යන්තං වෙලාවට ආපහු කපල ගත්ත. මම අර ෂූමාකර් වගෙ පොරක් හින්ද හොඳයි.නැද්ද දීපා? "

    දීපා කටත් බාගෙට ඇරගෙන වේගයෙන් ඔලුව ඉහලට පහලට වනනව. Nodding vigorously with mouth half open.

    තව තියෙනව මගෙ අයිඩියාස්...දෙවෙනි කොටස උඹ ලිව්වම ඒ ටික ...හොඳද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  9. රවී කියන එක ඇත්ත. මේකෙන් ලොකු ගානක් අතට එනවා නම්, ඔය වගේ ලොකු රිසක් ගත්තට කමක් නැහැ. අතේ තියන ගැනත් යන බ්ලොග් සටහනකට ඔච්චර මාරක ගමන් යන එක නම් වැඩකට නැහැ මචං! :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  10. මුල ඉඳල අගටම ත්‍රාසජනක චිත්‍රපටියක් බැලුව වගේ,ඇත්තටම මොකද වෙලා තිබුනෙ කියල අහන්න හිතං හිටියත් තව කොටසක් තියෙන බව දැක්කා.ප්ලෑෂ් බැක් ක්‍රමයට කතාව පටන් අරං තියෙන ආකාරයම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  11. කතාව..කියෙව්ව....
    මචෝ...වින්ටර් කාලෙට ජපානෙ හැම මාර්ග වලම අනතුරු වැඩියි...
    අපේ උන්දලා ගහ මරාගෙන ලංකාවට එවන්නෙ ..අනතුරු වලින් පස්සෙ මස් වැදලි....ලේ පයින්ට් ගනං පිරිච්ච් වාහන එහෙදි හොදට හෝදලා....තමයි ලංකාවට එවන්නෙ
    හරි හමන් පාවිචි කොරපු වාහනයක් ගන්නවනම් ඔක්ෂන් එහෙකින් ගන්න ඕන ...
    මම දන්නා විදියට නම් පාවිච්චි කොරල ජපානෙන් එවපු වාහන එක දෙක එවන අය සහ මුදලාලිත් කොරන්නෙ පොඩි පෙනුමක් දීල ටිකක් අඩු ගානට විකුණන ව ..උඹ වගේ යකඩ ගොඩ වලට ආස පියාල බැලිය යුතු හරි තැන් නොබලා වන්ඩියට අත ගහනවා ..
    මම නම් කියන්නෙ ඔබ හොල්මං ගැන හිතන කෙනෙක් නම් ඔබේ වාහනයත් එසේ විය හැකි බවයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  12. යකෝ බොලා මාර රිස්ක් එකක්නෙ අරං තියෙන්නෙ. ඇත්තටම කට්ටිය කියල තියෙනව වගේ ඔය පස්සෙ ගිය සෙට් එකටත් තිබුණෙ උඹනෙ වාහනේ එලවන්නෙ. ඔය කොහොමහරි යමං කියන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලන්න තමයි.
    මටත් එකපාරක් ඔය වගේ වැඩක් උනා ලොකු වැස්සකදි වයිපරේ වැඩකරන්නෙ නැතුව ගිහිල්ල. ඒ වෙලාවෙත් ඔය පාරෙ සුදු ඉරි දෙක බලාගෙන තමයි වාහනේ එලෙව්වෙ. හයිවේ එකේනං ඉස්සරහිං වාහන එන්නැති නිසා බය නෑ. ඒත් සාමාන්‍ය පාරක ඉස්සරහිං එකෙක් අපේ සයිඩ් එකේ අාවොත් ඇවිල්ල අනිනකල් පේන්නෙ නෑ.

    ReplyDelete
  13. "කෝ දීපා මුන් එකෙක්වත් නිකමටවත් කතාකරලා ඇහුවේවත් නෑනේ උඹලා කරදරයක් නැතුව ගෙදර ගියාද කියලා."

    හැක හැක හැක එක තමයි කතාවේ හොඳම හරිය ........කොහොම වුනත් ඩූඩ් අයියා නියමෙට ලියලා තියෙනවා අපිටත් නිකං පාරේ ගියා වගේ දැනෙන්න

    ReplyDelete
  14. ඔන්න බොලේ හෙන්රි මල්ලිගෙ රයිටර්ස් බ්ලොක් එක හරි ගිහින්.. මං තාම බ්ලොක් බං.. මොන මල උලව්වක්වත් ලියන්න හිතෙන්නෙ නෑ. වෙලාවත් නං අඩුයි තමා..මට හිතෙන්නෙ උඹලා ලියන ආතල් එව්ව කියෝ කියෝ කමෙන්ට් ලියලිය අනුන්ට වලි දදා ඉන්න එක ඊට වඩා සැපයි කියලයි..

    මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා මචෝ. හැබැයි හයිවේ එකක නෙවෙයි.. මහ කන්දක තේ වත්තක වට වංගු පල්ලමට ප‍ටු පාරෙ කිලෝමීටර් එකහමාරක් විතර රිවස් කරන්න උන එකක්. මොනව කරන්නද ? සිය පවුලයි මස්සිනගෙ පවුලයි බිමට බස්සලා (බස්සනකොටම උන් අඬන්න ගත්තා බං බයවෙලා ..) මචමාට පල්ලම පැත්තෙන් වාහනේ ට යන්න පුළුවන් සීමාව ලකුණුකරන් ඇවිදින්න කියල ඌ දිහා බලන් පස්සට ගියා.. හපෝයි.. ඇඟට ලේ ඉනුවෙ පාරට ආවමයි..

    ReplyDelete
    Replies
    1. මෙයා සයිලන්ස් වෙච්ච පාර මම හිතුවේ ප්ලේන් එකේ ගිහින්වත්දෝ කියලා.. අහලා බලන්න යද්දිම තමා කෙහෙල්කොටුවට කමෙන්ට් එකක් වැටිලා තිබුනේ.. :D

      Delete
  15. සමාවෙන්න හෙන්රි... නිදහසට පැවසීමට කිසිම වදනක් නැත. සම්පූර්ණ වැරැද්දට වග කියන්න ඕනි මම කියා සිතේ. මම නොවුනා නම් ඔබලා දවල්ම මේ ගමන ගොස් කිසිම අවදානමක් නොගෙන එන්නට හොඳටම ඉඩකඩ තිබුනි. සමාවෙන්න..මට මම ගැනම ලැජ්ජයි ඇත්තම කියනවා නම්...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං? උඹ හිටපංකෝ ඊ ගාවා කෑල්ල කියවනකල් කවුද වැරදිකාරයා කියලා දැනගන්න. ඉක්මන් තීරණ වෙලට එන්න එපා.

      Delete
    2. වෙනී අයිය මොනව කරන්නද, ඩූඩගෙ මේ වෑන් එක හයිවේ වලට ඔරොත්තු දෙන්නැති එකක් වෙන්න ඇති. :D

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  16. ඔල්ටනේටරය චෙක් කරන්න දන්නා කෙනෙක් මල ගෙදර අහල පහල හිටියේ නැද්ද. ඔල්ටනේටරයේ සිලිකන් ඩයෝඩ් එකක් පිච්චිලා තිබුණත් පරණ එකක් රේඩියෝ සර්කිට් එකකින් හරි ගලවලා දාන්න දන්නා අය දැන් සෑහෙන්න ඉන්නවා.

    ReplyDelete
  17. මාර ගේමක්නෙ දීල තියෙන්නෙ ඩූඩ් මාම :D

    ReplyDelete
  18. අනෙ අම්මෝ මුලු පෝස්ට් එකම කියෙවුවෙ බොක්ක අතේ තියාගෙන. පුදුම අවදානමක්නෙ අරන් තියෙන්නෙ.

    ඩූඩ් අයියා හොද රියදුරෙක්. මට එහෙම ඔහොම සීන් එකක් උනා නම් කොහොම වත් ඔය තීරණේ නොගෙන ඉන්න ඉඩ තිබුනා.

    ReplyDelete
  19. ඩූඩ්ට රයිටර්ස් බ්ලොක් එකක් හැදුනේ මේ ගමනෙදි බය වෙච්ච පාරටද මංදා... :)) කොහොම උනත් කියවද්දිත් ඇඟ හිරි වැටෙනවා...ආයෙත් නම් ඔය වගෙ අවධානමක් ගන්න එපා.

    ReplyDelete
  20. ඔයවගෙම කෙස් එකක් මට වුනා .මම එකත් ලියන්න හිතා ගත්ත.
    ඔතන වැරැද්ද උබ නිකන්වත් මොකද මෙ කියල නොබලම ගමන ඉවරකරන්න ට්‍රයි කරපු එක.
    ඔක මට උදෙ කියපුවම මම ඇත්තටම දුක් වුනා එදා රැ මලගෙදර නොගිය එක ගැන.

    ReplyDelete
  21. මම හිතුවේ හොල්මන් කේස් එකක් ලියන්න හදනවා කියල.. මිට කලින් හොල්මනක් නිසා වන් එකක් නැවතුන කතාවක් කියවල ආවේ..

    හයිවේ එකේ පොලිස් වාහනේක එකෙක් දැක්ක නම් බඩු හරි ඉතින්..

    ReplyDelete
  22. කියවනකොට නිකම් වාහනේ ඇතුලෙ මාත් ඉන්නව වගේ ඇඟ කිලිපොලා යන හැඟීමක් දැනුන. ඩූඩ්ගෙ ඩුඩීත් ඕනෙ දේකට ඔට්ටුයි නේ! ඩුඩීගෙ අන්න ඒ නිර්භීත කමට මම රැස්පෙක්ට් කොරනව. අපේ අම්මයි තාත්තයි ගමනක් යද්දි ඔහොම උනානම් තාත්ත ඉඳල හමාරයි, කන විනාසයි.

    හික්ස්! මාර යාලුවොනෙ. ඔය පිටිපස්සෙ හිටපු පිරිමි ටිකට දැනුනෙ නැද්ද ඕකෙ අවදානම! පුදුමයි! :O

    මොනව උනත් ගත්තු රිස්ක් එකනම් ඕනෑවට වඩා වැඩියි ඩූඩ්. දෙවියො බලල තියෙනව! ඔය සන්තෑසියට හේතුවත් දැනගන්න මග බලන් ඉන්නෙ.

    තව පොඩ්ඩෙන් අමතක වෙනව කියන්න. ආපහු ලියැවිල්ල පටන් ගත් එකට මාගේ හදපිරි ප්‍රණාමය! සතිදෙකකට වරක්වත් පෝස්ට් එකක් දානවනම් අපි කැමතියි.

    ReplyDelete
  23. කාලෙකින් කතාවක් ලියල බව දැකල දැනුනු සතුට හිතේ තිබුනේ මේ ත්‍රාසජනක කතාව කියවන්න පටන් ගන්නකම් විතරයි. ඔය තරම් රිස්ක් එකක් ගනිපු එක නම් අනුමත කරන්න අමාරුයි, විශේෂයෙන්ම ගාලු පාර වගේ රෑ දවල් වෙනසක් නැතුව බස් දුවන පාරකදී.

    ReplyDelete
  24. මටනම් මොනවා කියන්නද කියලා හිතාගන්නත් බෑ. එකක් ඔහොම රිස්ක් එකක් නොගන්නයි තිබුනේ. මුකුත් නොවුන නිසා හොඳයි, උනානම් එහෙම ඒකත් එක්ක බලද්දී නිවාඩු, ළමයින්ගේ සුවපහසුව කියන්නේ ඒ තරම් දේවල් නෙමෙයි. අඩු තරමේ මළ ගෙදරින් එන්න කලින් ඒක පොඩ්ඩක් පරික්ෂා කරගෙන ආවනම් හොඳයි. අනිත් එක එහෙම ගමනකට පස්සේ ගෙවල්වලට බස්සලා ආපු අය කෝල් එකක්වත් නොදුන්නම මගෙනම් හිත රිදෙනවා අවංකවම. ඔහොම වෙලාවක නෙමෙයි නිකම් සාමාන්‍ය ගමනකදී උනත් එකට ගමන ගියපු අය ගෙවල් වලට ගියාද කියලා හොයලා බලනවානම් කොයි තරම් හොඳයිද ? :)

    ReplyDelete
  25. හෙන්රි
    මේක නම් මටපේන්නෙ නඩත්තුවෙ වැ‍රැද්දක් වගෙයි.බැටරිය ටිකක්වත් චාජ් වෙන්නෙ නැතිනම් ඔය තරම් දුරක් වාහනය කලාමැදිරි තරමට එලිය තියන හෙඩ් ලයිට් දාගෙන යන්න බෑ.මේ තරම් වෙලාවක් යන්න නම් ටිකක් හරි චාජ් වෙන්න ඕනෑ.බැටරිය බැස්සහම එන්ජිමත් නතරවෙනව මොකද අර මීයො කෑව වයර් එකට පවර් නෑ.බුරුල්වුන බැටරි වයර් එකක් ,ෆැන් බෙල්ට් එකද හේතුව?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  26. පටන් ගන්න කොට මම හිතුවේ, ඩූඩ්ගේ පරිවර්තනයක් කියලා...ඔය බ්ලොග්කාරයෝ දාගෙන ගියොත් ඔහොමමයි....(මේ මටත් එක්ක කියාගන්නේ ) :D :D

    හිතලා බලන්ටකෝ මම ලඟ හිටියා නම් මොන, මොන අනතුරු සිද්ධවෙයිද? හී හී....

    දීපා ආසන පටිය ගලවලා, වීදුරුවට මූණ ලං කරගෙන පාර හොයාගන්ට උදව් කරපු එක දැක්කාම නම් බය හිතුණා. හදිසියේ හය්යෙන්, බ්‍රේක් කලානම් එයා කොහේ ඉඳීද? එදා රෑ කොහෙ හරි ඉඳලා එන්ටයි තිබුණේ ...

    කාලෙකට පස්සේ ඇවිත් අර බාගෙට නැගිටලා බලන ෆිල්ම් එකක වගේ කතාවක් දැම්මට නම් ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  27. තමන් හිසට තම අතමය සෙවණැල්ල !!!

    ReplyDelete
  28. මේක කියෙව්වම හිතට ආපු ගොඩක් දේවල් එක්ක විහිළු කතාවකුත් මතක් උනා ..... ගොඩක් ය දන්නවා ඇති උනත් ඔන්න නොදන්නා අයට කෙටුවා කියන්නකෝ සමහර වෙලාවට ඩුඩ් කරනවා වගේ.....
    ඔයවගේ මහා රැක ලයිට් නැතුව ගිය කෙනෙක් ඉස්සරහ ගිය වාහනයක් පස්සෙන් තමන්ගේ එක ලංකරගෙන යනවලු ... මෙන්න බොලේ ඉස්සරහ ගිය එකා එක පාරටම බ්රේක් කරලා නවත්තුවලු වාහනේ එක තැන පිටිපස්සේ කරුවලේ ගිය එකා හැප්පුනාලු මේක පස්සේ
    පිටිපස්සේ එකා කේන්තියෙන් බැහැලා එන ඉස්සරහ එකාගෙන් අහනවලු කිසිම සිග්නල් එකක් නැතුව ඔහොමත් මේ මහා රෑ වාහන බ්රේක් කරනවද මනුස්සයෝ කියලා ......
    ඒ පාර ඉස්සරහ එකා කියනවලු මගේ ගැරේජ් එකේ මගේ වාහනේ නවත්තන්න මොන සිග්නල්ද ඔයි කියලා.......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  29. අර කියලා තියෙනවා වගේ , නොගත යුතුව තිබු අවදානමක් . ඒත් අවදානම් කියන ඒවා අපි කොච්චරනම් ගන්නවද ජිවිතේ ... සමහර දේවල් අවදානම් කියලා දැන දැනත් අපිට එසේ නොවේවි කියා හිතන්නේ ඇයි කියලා මම හිතන්න ගත්තා .

    ReplyDelete
  30. හෙන් රි,

    ඔය වාහනේ උන්නෙ පිරිමි ටික විතරක්නම්, යන්නෙ මලගෙදරක අවස්න් කටයුත්තක් වගේ කල් දමන්න බැරි ගමණක් නම්, ඔය කරපු දේ හරි කියන්න තිබ්බ. එහෙම නැති වෙලාවක උඹ වගේ අත්දැකීම් තීන ගුරුවරයෙක් වෙච්චි මිනිහ මිත්‍රකම වෙනුවෙන් උනත් කල දේ හරි කියන්න බෑ.

    අපි අපේ ජීවිත අනතුරේ දාගෙන පාරෙ ඉන්න පූසො බල්ලො බේරනව වගේ වැඩක් මේකත්. ඒ හින්ද මේඑකෙ තීන වීර ගතිය අයින් කරල, වෙන කෙනෙක්ට මේ වගේ දේවල් කරන්න නොහිතෙන විදියට ආයි ලියහන්.

    අනික ඕකෙ උන්න අනික් උන් මන් දන්නෙ නෑ, ඒත් ඕනයත් මලා වගේ නිදාන උන්නයි කිව්වම පුදුමයි. මම දන්න විදියට ඌ අවට ගැන විමසිල්ලෙන් ඇස් ඇරන් ඉන්න මිනිහෙක්. එහෙව් එකා දරුවයි නෝනයි එක්ක යන ගමනකදි...අනේ මන්ද බං!

    කොහොම උනත් උඹල ඔක්කොම පරිස්සමින් අරන් ආපු එකට උදව් වෙච්චි ඒ නිර්භීත ස්ත්‍රී රත්නයට ආචාර කොරා කියල කියහන්!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  31. ලියන්න ෆුල්ම කම්මැලියි කියල කිව්වට මට නිකමට වගේ හිතුන මොකක් හරි හිත රිදවා ගැනීමක්දෝ කියල. අහන්න හිත හිතා හිටියට අපි එනකොට අස්සයා පැනල ගිහින්.

    ඔය පැත්තෙ රෑ ගරාජ් එකක් හොයා ගන්න බැරි උනාද? ඒ නැතත් මල ගෙදරක්නම් අනිවාර්යයෙන්ම වාහන ගැන දන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙන්නෑ. අනික ඔයා වාහන ගැන දන්නා තරමට ලෙඩේ ඔයාම හොයාගෙන මජං නාගන්න ගෝලයෙක් විතරක් ඔහෙන් හොයාගන්න තිබුනනේ.

    හැබැයි මේ පෝස්ට් එකේ හිටියෙනම් මම දන්න වගකීම් සහගත තීරණ ගන්න හෙන්රියා නෙවෙයි. ඒත් වගකීම් සහගත රියදුරෙක්නම් දැක්කා. ඒ වගේම දුරදරශීව ගත්ත තීරනේකුත් දැක්කා. (හෙහ් හෙහ් ඒක අරං තියෙන්නෙනම් අද ඊයෙ නෙවෙයි. දැනට දශක දෙක තුනකට ඉස්සෙල්ල. :D )

    ReplyDelete
    Replies
    1. බයික් එකේ ආලෝක තත්ත්වය ගැන ඔයා දන්නවා ඇතිනේ. ඉතිං ඔය වගේ ගමන් මටනම් නුහුරුමත් නෑ. දවසක කියන්නම්කො ඒ ගැනත්.
      (අහල පහල මල්ලි කෙනෙක්ගේ මැෂින් එකක් ගෙනත් දුන්න ෆෝමැට් කරලා දෙන්න කියල ඩොන්ගලෙකුත් එක්ක වෙලාවට. :P )

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Sorry Ano, I had to remove your comment. It's not because you criticized me, just because they are aimed at my readers and they are hurt by them. I am personally against some bloggers letting abusive comment to be on their blogs. So it won't be ethical if I also do the same.

      Delete
  32. මොනවා කියන්නද කියල හිතාගන්නත් බැ .. ඇති ඔයින් ගියා ..

    ReplyDelete
  33. මේ වගේ අවදානමක් ගත්ත පළවෙනි සහ අන්තීම අවස්ථාව කියලා හිතනවා. මොකද මේ වගේ එකක අවදානම තමන්ට වගේම පාරේ යන අනික් අයටත් තියන නිසා. මොනාවුනත් කිසිම කරදරයක් නැතිව ගමන අවසන් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

    ReplyDelete
  34. ඕල්ටර්නේටර් එකේ අවුලක් වෙන්න ඕනේ මටත් ඔය සෙතේම වුනා අම්බලන්ගොඩ ඉඳන් 31 රෑ කොළඹ ආව තාලේ දන්නේ උද ඉන්න දෙවියොයි මමයි විතරයි

    ReplyDelete
  35. ඩුඩ් අයියේ අපි පොඩි කාලේ මට මතකයි අර මාරක ළිදේ බයිසිකල් පදිනවා බලන්න යනවා.ඒ බයික් එක පදින එකා පුංචි අපේ වීරයෙක්.මේ පොස්ට් එක කියවපුවාම මට හිතුනෙත් ඩුඩ් අයියේ උඹත් මාරක ළිදේ බයික් එක පැද්ද වීරයා වගේ කියලායි.නියම ඩ්‍රයිවර් කෙනෙක් උඹ නම් අයියේ.:-h

    ReplyDelete
  36. හෆොයි.. මාරක ගමනක්ගේ ගිහින් තියෙන්නේ... ඇරත් හයි වේ එකේ.. :O. ඔච්ච්රම ලොකු අවදානමක් ගන්නේ නැතිව හයිවේ එකට දාන්න කලින් කොහේ හරි ගරාජ් බාස් කෙනෙක්ට පෙන්නුව නම් හොඳයි කියලත් හිතෙනවා..
    මොනා වුනත් කට්ටියම කිසිම කරදරයක් නැතිව ආපු එකම ලොකු දෙයක්

    ReplyDelete
  37. හරිම ත්‍රාසජනක චිත්‍ර පටයක් බැලුවා වගේ. අදමයි ඔබේ පෝස්ටුවක් කියෙව්වේ. මම කැමතියි ඔබේ ලියන කලාවට..ජය!!

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Why did you remove that awesome comment,dude?

      Delete
    2. I wrote this for the Part 2 of this story, but posted it here my mistake. You can find it on the Part 2 post.

      Delete
  39. ඩූඩ්.......උඹ ආපහු බ්ලොගට වැඩම කරපු එක ලොකු දෙයක්....මචං මම උඹ නම් වාහනේ පැත්තක තියලා..කැබ් එකක් බුක් කරගෙන වැඩේ ඉවර කරනවා. ඔච්චර දුරක් ඔහොම එනකොට උඹ මානසිකවත් වැටෙනවා. රිස්ක්ස් ගොඩායි. කමක් නැහැ දෙවෙනි එකත් බලමු. මම උඹේ දෙක ඇතුලෙන් තමයි මෙතනට ආවේ :D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>